Get Adobe Flash player

නිතර දැනෙන විඩාබර බව මවක් වීමට එරෙහි වෙයිද?

අද සමාජයේ ගැහැණු පිරිමි භේදයකින් තොරව රැකියාවල නිරතවීමටත්, ගෙදර දොරේ වැඩ කටයුතු කිරීමටත් සිදුවී ඇති බව නොරහසක්. නමුත් ඇතැම් තරුණියන් ඔවුන්ගේ මවුවරුන්ගෙන් බැනුම් අසන්නේ "අපේ කාලයේ අපි කල වැඩවලින් බාගයක් වත් මෙයාලාට කරන්න බැහැ නේ" කියමිනි. ඇයි අද තරුණියන් බොහෝ දෙනෙක්ට අධික මහන්සියක් දැනෙන්නේ? වෛද්‍යමය නොවන එදිනෙදා ජීවන රටාවේ පුරුදුද ඇතැම් විට මෙයට බලපානවා විය හැකියි. මවක් වීමට සිතමින් සිටින ඔබ ඒ සමග එන අභියෝග වලට මුහුණ දීමට ශක්තිමත් විය යුතු නිසා මෙම ගැටළු වලට පෙර සිටම පිළියම් යොදා ගත යුතුයි...

1. නිදි මතට පිළියම නින්ද පමණයි!

ඔබේ අධිවේගී ජීවන රටාවත් සමග ඔබත් කෙටි ආහාර, කෘතීම රසකාරක වැඩි ආහාර ආදියේ පිහිට පතනවා නේද? ඒවා රසයි, පහසුයි නමුත් ගුනදායකත්වයෙන් පහළයි! ඔබ ඉක්මනින් නිදිමත නැති කර ගැනීමට ගන්න අධික කැෆෙන් ප්‍රමාණයක් සහිත කොපි කෝප්පය නිසා ඔබේ ශරීරය ඉක්මණින් ඔබවේ අවදි කලත් පැය කිහිපයක් යන විට ශරීරයේ සීනි මට්ටම අනිසි ලෙස ඉහල පහල යාමට පුළුවන්. එවිට ඔබට දැනෙන්නේ අධික වෙහෙසක්. රුධිරගත සීනි අඩු වූ විට ශරීරයේ ශක්තිය අඩුවී ඔබට මහන්සි ලෙසක් දැනේවි. හොඳින් මතක තබා ගන්න; නිදි මතට පිළියම නින්ද පමණයි. එනිසා දවසට පැය 6ත් 8ත් අතර ලබා ගන්න.

2. ඔබේ ආහාර රටාව

ඉහත කී පරිධි නිසි ලෙස නිදාගන්නවානම්, නිතරම එළවලු සහ පලතුරු වැඩියෙන් අනුභව කරනාවානම්, පිටි සහ සීනි මනා ලෙස පාලනය කර අනුභව කරනවානම්, ඔබගේ ශරීරය නිතරම ප්‍රබෝධමත් වී තිබේවි. කැෆෙන් සහිත පානවලින් මිදෙන්න. ඔබ උත්සහ කල යුත්තේ නැවුම් එළවලු, පළතුරු සමතුලිත ලෙස ආහාරයට එක කර ගනීමයි. රුධිරගත යකඩ ප්‍රමාණය වැඩි කර ගැනීමට නිවිති සහ බ්රෝකලි නම් එළවලු උදවු වන අතර ඔබ අකමැත්තක් නොමැති නම් රතු මාංශ වර්ගද සුදුසුය. තවද මවක් වීමට සිටින ඔබ ෆොලේට් ලබා ගැනීම අත්‍යවශ්‍ය නිසා නිවිති, බ්රෝකලි, අලිගැටපේර, අඹ සහ දොඩම් ආදිය අනිවාර්යෙන්ම ආහාරයට යොමු කර ගන්න. රුධිරගත යකඩ නිසා ඔබ ප්‍රබෝධමත්ව සිටින අතර නිසිලෙස ෆොලේට් ලබා ගැනීම නිසා ඔබ ගර්භණී භාවයට සූදානම් කරයි.

3. ව්‍යායාම්

සමහර තරුණියන් ඔවුන්ට වෙහෙස යයි පවසා ව්‍යායාම් මග හරින බව සුලබ කරුණක්. නමුත් ඔබ නිසි ලෙස ව්‍යායාම් කරන්නේ නම් ඇත්ත වශයෙන්ම ඔබේ ශරීරයේ ගබඩා වී ඇති ශක්තිය නිසි ලෙස මුදා හරිනු දැකිය හැක. හොඳින් මතක තබා ගන්න; ඔබ ව්‍යායාම් කලයුත්තේ, කෛයික රෝග වෛද්‍ය වරයාගෙන් නිවැරදි උපදෙස් ලබා ගෙන පමණි. එයට අමතරව ඔබ නින්දට පැය 3කට පෙර ව්‍යායාම අවසන් කර ශරීරය වෙහෙස නිවා ගැනීමට ඉඩ දිය යුතුය. (එයට පෙර ප්යායාම කරන්නේ නම් සුදුසුය). තරුණියක් ලෙස ව්‍යායාම වල නිරත වීම නිසා ඔබට අදත් අනාගතයේත් ප්‍රතිපල ලැබෙයි. සිරුරේ අනවශ්‍ය මේද දහනය, හදවතේ මනා ක්‍රියාකාරීත්වය, අනාගතයේ අස්ථි දුබලවීමේ අවදානම අඩු වීම සහ ලිංගික හැසිරීම් මනාලෙස කල හැකි වීම ආදිය ඉන් කිහිපයක්. අවම වශයෙන් සතියට දින 4ක් වත් විනාඩි 45ක් මඳ වේගයෙන් ඇවිදින්න. ඔබ ස්ථුල නම් වෛද්‍ය උපදෙස් මත එයට වැඩ යමක් කල යුතුයි.

4. රුධිරයේ යකඩ හිඟ වීම

යම් අයෙකු අඩුවෙන් යකඩ සහිත ආහාර ගනීනම් සහ ඔසප් වීමේදී අධික ලෙස රුධිරය පිටවීම සිදුවේ නම් ඔබට මෙම තත්වය ඇති විය හැක. අපගේ ශරීරයේ ඇති යකඩ බොහොමයක් ඇත්තේ රුධිරයේය. යකඩ නිසා "හිමොග්ලොබීන්" නමැති රුධිරයේ ඇති සන්ඝටකයට ඔබේ ශරීරය පුරා ඔක්සිජන් වායුව ගෙන යාම මනා ලෙස සිදුවේ. එනිසා ඔබේ ශරීරයට අවශ්‍ය යකඩ ලැබෙන අහාර නොගතහොත් ඔබට නිතරම වෙහෙස දැනේවී. (ඉහත අංක 2 හි ආහාර ගැන සඳහන් කළෙමු)

5. තයිරොයිඩ් ගැටළු

ඔබ නොදැනුවත්වම ඔබේ තයිරොයිඩ් ග්‍රන්ථි ක්‍රියාකාරීත්වය අඩුනම් / නැතිනම් ඔබට නිතර දැනෙන මහන්සිය මෙම තත්වය පිලිබඳ සංඥාවක් විය හැක. නිසි ලෙස මෙයට ප්‍රතිකාර නොදුනහොත් ඔබේ එදිනෙදා කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය නොලැබී යා හැකිය. තවත් ලක්ෂණ වන්නේ හිසකෙස් ගැලවීයාම, අවිධිමත් ආර්තවය, බෙල්ල අවට ඉදමුම් තත්වය ආදියයි.
ඉහත කරුණු පිළිබද අවධානය යොමු කර ඔබත් තරුණියක් ලෙස ශක්තිමත්ව මාතෘත්වයට සුඋදානම් වන්න. අපෙන් ඔබට සුභ පැතුම්! 
Srineth.com