Get Adobe Flash player

දරුපල අහිමි නම් සලකා බැලිය යුතු IVF ප්‍රතිකර්මය

දරුවකු නැති සොවින් ඇතැම් තරුණ යුවල විඳින දුක අසීමිතයි. නමුත් ඔබ නිසි ලෙස මේ ගැන දනුවත් නම් ඔබට කල හැකි ප්‍රතිකර්ම බොහොමයක් තිබෙනවා. අද අපි එයින් එකක් ගැන ඔබට කරුණු ගෙන එන්නට සිතුවා... එය හැඳින්වෙන්නේ IVF ලෙස. 

* කුමක්ද මේ IVF?

IVF යනු "In vitro fertilisation" යන්නට කෙටියෙන් කියන නමක්. මෙහිදී සිදුවන්නේ, විද්‍යාගාරයක් තුලදී ඩිම්බ සහ ශුක්‍රාණු සංසේචනය කිරීමට සැලස්වීමයි. මෙය කරනුයේ ඒ පිලිබඳ විශේශඥයින් අතිනුයි. මෙය සිදු කිරීම සඳහා කාන්තාවගේ ඩිම්බයන් සැත්කම් ක්‍රමයක් මගින් ඉවතට ගන්නා අතර, පුරුශයාගේ ශුක්‍රාණුද ආරක්ෂා සහිතව ගෙන එය විද්‍යාගාර තත්වයන් යටතේ සංසෙචනය කරනු ඇත. ඉන් පසුව, සන්සෙචනය වූ ඩිම්බය සහ ශුක්‍රාණුව කලළයක් බවට පත්වේ. එම කලළය ඉතා ප්‍රවෙසමින් මවගේ ගර්භාශය තුල තැන්පත් කරනු ලැබේ. මෙම සම්පූර්ණ ක්‍රියාවලියට සති 4ත් - 7ත් අතර කාලයක් ගතවේ. ඉන්පසු දරු කලළය ගර්භාශය තුල වර්ධනය වේ.

* මෙම ප්‍රතිකර්මය කෙරෙන්නේ කෙසේද?

ඔබගෙ ඩිම්බ නිශ්පාදනය අඩු මට්ටමක පවතී නම් මුලින්ම ඔබට අදාල බෙහෙත් වර්ග නියම කර එම නිශ්පාඩනය වඩි කරනු ඇත. ඉන් පසුව පහත දක්වන පියවර එකින් එක අනුගමනය කරනු ලැබේ.

1. ඩිම්බ සහ ශුක්‍රාණු සාම්පල ලබා ගැනීම අල්ට්‍රා ස්වුන්ඩ් ස්කෑන් පරීක්ශාවක් මගින් ඔබේ ඩිම්බයන් නිසි ලෙස මුහුකුරා ගොස් ඇති දැයි බලනු ඇත. එම ඩිම්බ නිසි ලෙස වර්ධනය වී ඇතිනම් වෛද්‍යවරයා විසින් එය ඉතා සූක්ශම උපකරනයක් මගින් එලියට ගනු ඇත. මෙය මඳක් වේදනාකාරී නමුත් දරුණු නොවේ. මෙයට සමගාමීව ඔබගේ ස්වාමි පුරුශයාගෙන් ශුක්‍රනාණු සාම්පලය ලබා ගැනීම සිදුවේ. සමහර අවස්ථාවලදී යුවලගෙ කැමැත්ත මත පමණක් බාහිර පාර්ශවයන්ගෙන් ඩිම්බ/ ශුක්‍රාණු ගෙන මෙම ප්‍රතිකර්මය කරන අවස්ථාද ඇත.

2. ඩිම්බ සංසෙචනය සහ කළලය ඔබේ ඝර්භාශය තුල තැන්පත් කිරීම විද්‍යාගාර තත්වය යටතෙ ඔබගෙ ඩිම්බ සහ ශුක්‍රාණු එකට තබා එය සංසෙචනය වීමට ඉඩ සලස්වයි. දවසක් ඇතුලත එම සංසෙචනය සිදුවී ඇතිනම් තවත් දින දෙකක් ඇතුලත එය ඔබගෙ ගර්භාශයේ තැන්පත් කිරීමට කටයුතු කරනු ඇත. ඩිම්බය සන්සෙචනය වූ පසු එය කළලයක් බවට පත්වේ. සමහර ප්‍රතිකාර මධ්‍යස්ථාන වල කළලය ඔබේ ගර්භාශයේ තැන්පත් කිරීමට පෙර වර්ණදේහ වල ඇති සංකූලතා පිළිබඳ පරීක්ශාවක් ද සිදු කරයි. මෙය කර ගත හැකි නම් ඉතා වටිනා පරීක්ශාවකි. එමගින් ඔබට මලදරු උපත් සහ වෙනත් සංකූලතා අඩු කර ගැනීමේ අවස්ථාව ලැබේ. සාර්ථක ලෙස සංසෙචනය වූ තවත් කළල තිබෙ නම් ඒවා පසු කාලීනව භාවිතය සඳහා තැන්පත් කිරීමේ පහසුකම්ද ඇතැම් විද්‍යාගාර ඔබට ලබා දෙනු ඇත. මෙය ඉතාම හොඳ දෙයකි.

* IVF ප්‍රතිකර්මයේ ප්‍රයෝජනවත් භාවය

ඔබේ ශරීරයේ පැලෝපියන් නළය හානිවී ඇති හෝ නිසි ලෙස පිහිටා නොමැති විට ඔබට මෙම IVF ප්‍රතිකාරය ගැනීම සලකා බැලිය හැක. තවද, සමහර පුරුෂයන්ගේ ශුක්‍රාණු ප්‍රමාණවත් තරම් සාරවත් නොවන විට මෙය උපකාරී වේ. නමුත් ශුක්‍රාණු අධික ලෙස දුර්වල නම් වෙනත් ප්‍රතිකාරද අවශ්‍ය වේ. මෙම ප්‍රතිකාරයට යොමු වීමට පෙර අවුරුදු දෙකක් වත් ස්වභාවික ලෙස ගැබ් ගැනීමකට උත්සාහ කර බලන්න.

* IVF ප්‍රතිකර්මය අවදානම්ද?

IVF නිසා නිවුන් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දරු උපත් සම්භාවිතාව වැඩිවේ. අප මීට පෙර ඔබට දක්වූ පරිදි, නිවුන් හෝ ඊට වැඩි දරුවන් ගණනක් එක වර පිළිසිඳ ගැනීම අවදානම් තත්ව රැසක් ගෙන එයි. එනිසා IVF නිසා එම අවදානමට මඟ පාදන බව කිව හැකිය. Ovarian hyper stimulation syndrome (OHSS) - මෙම සහලක්ෂණය නිසා උදරයේ වේදනාවක් ඇති කරවයි. සමහර මවු වරුන්ට හුස්ම ගැනීමේ අපහසුතා, උදරයේ තරලයක් පිරීම, ලේ කැටි ගැසීම් ඇතිවීම ආදිය සිදුවිය හැක. මෙම ලක්ෂණ දැනුනොත් වහාම වෛද්‍ය උපදෙස් පතන්න. ආසාදන: ඩිම්බයන් එලියට ගැනීමේදී භාවිතා කරන උපකරණ නිසා සමහර ආසාදන ඇතිවිය හැක. නමුත් නවීන සහ ඉහල තත්වයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වල මෙයට ඉඩකඩ ඉතා අවමය. යම් ආකාරයකින් සිදු උනොත් වෛද්‍ය වරයා ඔබට බෙහෙත් නියම කරනු ඇත.


If you found this article interesting and helpful, please share with your friends too. Just click the "recommend" button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!
මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "recommend" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!