Get Adobe Flash player

තයිරොයිඩ් හෝමෝන ආශ්‍රිත ගැටළු

 ඔබ තරුණියක් ලෙස තයිරොයිඩ් ග්‍රන්ථිය සම්බන්ධ ගැටලුවක් කිසිදිනක අසා නොතිබුනා වන්නට පුළුවන්. නමුත් මාතෘත්වය ලැබීමට සුඋදානම් වීමත් සමගම ඔබටත් නොදැනී මෙම ලක්ෂණ පහල වී ඇතිදැයි විමසා බැලීම ඉතා වැදගත්. තරුණ වයසේ සමහරුන්ට මෙම ලක්ෂණ පහල වන අතර බොහෝ විට ගර්භණී භාවය සමග එය ඇතිවීමේ හැකියාව ඉහල යනවා. ඔබට සාමාන්‍ය පමණට වඩා මහන්සි නම්, බෙල්ල අවට වේදනාවක් සහ කනස්සලු සහිත මානසිකත්වයක් දැනෙයි නම්, අද ලිපියේ දැක්වෙන පරිදි පරීක්ෂාවකට යොමුවන්න...

* තයිරොයිඩ් යනු කුමක්ද?

තයිරොයිඩ් ග්‍රන්ථිය යනු ඔබේ ශරීරයේ පැවැත්මට ඉතාම වැදගත් ඉන්ද්‍රියක්. එය පිහිටා ඇත්තේ ඔබේ බෙල්ලේ ඉදිරිපස දෙපැත්තේ. එමගින් ඉතා වැදගත් හෝමෝන වර්ග දෙකක් නිපදවනවා. මෙම හෝමෝන ශරීරය පුරා ලේ සමග එක්වී ගමන් කර ශරීරයේ ඇති ජීව ක්‍රියාවලි පාලනයට උදවු වනවා. හදවත, ස්නායු පද්ධතිය, මාංශ පේශි, ආර්තව චක්‍රය, ශරීර උෂ්ණත්ව පාලනය සහ මොළයේ ක්‍රියාකාරීත්වයත් පාලනය කිරීමට මෙම හෝමෝනය ඉවහල් වෙනවා. දැන් ඔබට පෙනෙනු ඇති එය කෙතරම් වැදගත් ද යන්න. මෙම ග්‍රන්තියේ ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදු නොවීම නිසා ඔබේ ශරීරයේ විවිධ ගැටළු ඇතිවිය හැකිය.

* තයිරොයිඩ් ග්‍රන්ථි ක්‍රියාකාරීත්වය සම්බන්ධ ගැටළු

ගර්භනී සමයේ ඔබේ ශරීරයේ හෝමෝන වර්ග දෙකක් ඉහල යාම සිදුවෙනවා. එම හෝමෝන ඉහල යන විට තයිරොඉයිඩ් හෝමෝන නිපදවීමද ඉහල යාමට හැකියි. මෙම කාලයෙදී තයිරොයිඩ් ග්‍රන්ථිය (බෙල්ලේ ඉදිරිපස දෙපැත්තෙන්) මඳක් ඉදමීම සාමාන්‍ය නමුත් තරමක් කැපී පෙනෙන ලෙස ඉදමී ඇතිනම් එය ගැටළු සහගත තත්වයක සලකුණක් විය හැකියි. එවිට ඔබ වෛද්‍ය වරයකු මුණ ගැසීම අත්‍යවශ්‍යයි.
එපමණක් නොව පහත ලක්ෂණ ඇති විටද වහාම වෛද්‍ය උපදෙස් පතන්න:
  • - හයිපර් තයිරොයිඩිස්ම් තත්වය යනු ඔබේ ශරීරයේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් මෙම හෝමෝනය නිපදවීමයි. එවිට ඔබට අතපය වෙවුලන ගතිය, අවිධිමත් ලෙස නාඩි වැටීම, සමෙහි දැවිල්ල/කැසීම, කෙස් සිහින් වී ගැලවීයාම සහ බර අඩුවීම දැකිය හැකියි.
  • - හයිපෝ තයිරොයිඩිස්ම් තත්වය යනු ඔබේ ශරීරයේ අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් මෙම හෝමෝනය නිපදවීමයි. ඇඟට පන නැති බව, මල බද්ධය, මස්පිඩු වල දුර්වල ගතිය, කෙන්ඩ පෙරළීම, සම සහ කොණ්ඩයේ වියලි බව ආදිය දැකිය හැකියි.

* හයිපර්තයිරොයිඩිස්ම් තත්වය පාලනය නොකලොත් ඇතිවන අවදානම් තත්වයන්

දරු උපත් 500කට එකක් පමණ හයිපර්තයිරොයිඩිස්ම් තත්වය ඇතිවිය හැක. එම නිසා ඒ පිළිබඳ අවධානයෙන් සිටීම වැදගත්ය. මෙය පාලනය නොකළහොත් ඔබේ රුධිර පීඩනය ඉතා ඉහල යාම (ඇතැම් විට හදවත අකර්මන්‍ය වීම!), මල දරු උපත්, අඩු මාසයෙන් දරුවා ඉපදීම, අඩු බර සහිත දරු උපත ආදිය සිදුවිය හැක.

* හයිපෝතයිරොයිඩිස්ම් තත්වය පාලනය නොකලොත් ඇතිවන අවදානම් තත්වයන්

මෙම තත්වය නිසා බොහෝවිට දරු පිළිසිඳ ගැනීම සිදුවීමේ සම්භාවිතාවය පහල යනු ඇත. වෛද්‍ය උපදෙස් මත ලබාදෙන බෙහෙත් වර්ග මගින් ඔබට මෙම තත්වය සමනය කරගත හැක. ඉන්පසු ඔබ දරු පිළිසිඳ ගැනීමක් සිදු වූ විට අවදානයෙන් සිටිය යුතුය. අඩු හෝමෝන තත්වය නිසා දරුවාගේ මොලය වර්ධනය අදාළ විය හැකි නිසා, අනිවාර්යෙන්ම මසකට වරක් පරීක්ෂාවට ලක්වී අවශ්‍ය හෝමෝන ලබා ගන්න.
අවසන් වශයෙන් කිව යුත්තේ තයිරොයිඩ් අඩු හෝ වැඩි වීම පාලනය කල හැකි තත්වයකි. ඔබ කල යුත්තේ නිසි ලෙස පරීක්ෂාවට ලක්වීම සහ වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපැදීමයි! 

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "recommend" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!
If you found this article interesting and helpful, please share with your friends too. Just click the "recommend" button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!
Srineth.com