Get Adobe Flash player

ගර්භණි භාවයට පෙර

පවුලේ වෛද්‍යවරයා
හමුවන්න.

ගර්භණි භාවයට පෙර ඔබේ පවුලේ  වෛද්යවරයා හමුවී අවශ්ය වෛද්ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්  වේ. පවුලේ සහ ඔබගේ අතීත සහ වර්තමාන සෞඛ්ය තත්වය මෙන්ම ඔබ දැනට

  භාවිතා කරන ඖෂධ  පිළිබඳ වෛද්යවරයා දැනුවත් කිරීම හා  උපදෙස් ලබා ගැනීම මගින් ගර්භණි සමයේදී ඔබට මුහුණ දීමට සිදුවිය හැකි අපහසුතා වලින් මිදීමට හැකි වේ.එමෙන්ම ඔබගේ බර, ඔබට අවශ්ය ව්යායාම, ආහාර රටා  මෙන්ම වැරදි ජිවන රටා පිළිබඳ දැනුවත් වීමෙන් නිරෝගී ගර්භණී සමයක් ළගා කර ගත හැක.

ෆෝලික් ඇසිඩ් සහ විටමින්

දිනකට අවශ්ය ෆෝලික් ඇසිඩ් වෛද්ය වරයාගේ උපදෙස් මත ගැබ් ගැනීමට මසකට පෙර සිට සහ පළමු මාස තුන ඇතුළත ලබා ගැනිම මගින් අසාමාන්ය දරු පිහිටීම් වැළකෙන අතර අනෙකුත් උපත් ඌණතා වළකාලීමට උපකාර වේ.

ඔබට අවශ්ය ෆෝලික් ඇසිඩ් හෝ ෆෝලික් ඇසිඩ් සහිත විටමින්  සුපිරි වෙළදසැල් වලින් හෝ ෆාමසි වලින් ලබා ගත හැකි අතර එසේ ෆෝලික් ඇසිඩ් ලබා ගැනීමේදී නියමිත මාත්රාව වෛද්ය වරයාගේ උපදෙස් මත ලබා ගැනීමට කල්පනාකාරී වන්න. එසේම ඔබ ලබා ගන්නා විටමින් අතර දෛනික විටමින් A ප්රමාණය නිසිලෙස වේ දැ යි පරීක්ශාකාරී වන්න. ප්රමාණයට  වඩා විටමින් A  ලබා ගැනීම උපත් දෝෂ වලට හේතු විය හැක.

මත් ද්රව්ය දුම් වැටි භාවිතය නවතා ගුණාත්මක ආහාර භාවිතා කරන්න

ඔබ මවක් වීමට බලාපොරොත්තුවෙන් පසුවෙනවා නම් මත්ද්රව්ය ,මත් කුඩු, දුම් වැටි භාවිතය නවතන්න. පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති පරිදි  මත්ද්රව්ය ,මත් කුඩු, දුම් වැටි භාවිතය නිසා ගබ්සා වීම, නොමේරූ දරු උපත්, අඩු බර දරු උපත් මෙන්ම ඔබේ ප්රජනක ශක්තිය අඩු වේ.

ඔබේ සැමියා දුම් වැටි භාවිතා කරන්නේනම් ඔබ ඔහු අසල ගැවසිම්දී දුම් වැටි භාවිතයට ඉඩ නොදෙන්න. අක්රිය දුම් පානය සක්රිය දුම්පානයට වඩා අහිතකර ප්රථිපල ගෙනදෙන අතර හැකි තරම් ඔබේ සැමියා දුම් පානයෙන් මිදවිමට ක්රියා කරන්න. මන්ද යත්,  දුම් පානය  නිසා ශුක්රානු වර්ධනය අඩාල  වන අතර ජනක ශක්තිය ද අඩු වේ.

වෙනත් කරුණු


ඔබ මවක් වීමට පෙර ඒ සඳහා  සුදානම් දැයි සිතන්න. ඔබගේ පවුලේ ආර්ථික තත්වය ඒ සඳහා ශක්තිමත් දැයි බලන්න.  ඔබේ වැඩිමහල් දරුවන් ඒ සඳහා දක්වන ප්රතිචාරය, ඔබගේ පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේ සුදානම, මෙන්ම ඔබගේ රැකියා තත්වය  සහ වෙනස්කම්  පිළිබඳ සැලකිලිමත් වන්න. ඔබ දරුවට හානි විය හැකි අවදානම් තත්වයක සිටි දැයි සිතන්න.
එමෙන්ම ඔබ උපත් පාලන පෙති භාවිත කරන්නේනම් එය නැවතිය යුතු අතර ඔබගේ සිරුරේ බර ප්රමාණය පිළිබඳවද සැලකිලිමත් වන්න. බර වැඩි  වීම මෙන්ම අඩු වීමද ඔබ ගැබ් ගැනීම වලකාලිය හැක. නිරෝගී බරක් පවත්වා ගැනීමද වැදගත් වේ.
If you found this article interesting and helpful, please share with your friends too. Just click the "recommend" button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!

මෙම ලිපිය ඔබට ප්රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "recommend" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!