Get Adobe Flash player

මාතෘත්වයට පෙර වෛද්‍ය පරීක්ෂණ සහ සූදානම් වීම්

ගැබ් ගැනීම ප්රවේසම් සහගතව සැලසුම් කර ගත යුතු අතර ගර්භනී සමයේ දරුවාගේ වර්ධනයත් සමග ඔබේ ශරීරයේ සිදුවන වෙනස් වීම් වලට  ඔබේ ගත මෙන්ම සිතද සුදානම් විය යුතු වේ. මෙම කාලය තුලදී ඔබගේ ශරීරය පවත්වාගෙන යාමට අමතරව කුස තුල වැඩෙන දරුවා වර්ධනය කිරිඉමටද ඔබේ ශක්තිය වැයවේ.

මෙම ලිපිය ඔබේ ශරීරය ඊට සුදානම් කිරීම සදහා අවශ්ය කරුණු කිහිපයක් ඔබට පහදා දේ. මෙම පෙර සූදානම ඔබේ මාතෘත්වය ආරක්ෂාකාරී කරන අතර ගැටලු අවම කර ගැනීමට උදවු වනු ඇත.

පවුලේ වෛද්යවරයා හමු වන්න.

ඔබේ පවුලේ වෛද්යවරයා මුණ ගැසී සාමාන්ය වෛද්ය පරීක්ෂණයක්  සිදු කර ගැනීම ඉතා වැදගත් වේ. සමහර රෝගී තත්ත්ව අවසාන මොහොත දක්වා නොපෙනී පැවතී ගැබිණි සමයේ සංකුලතා සහ අපහසුතා වැඩි කරයි.

ඔබ අපස්මාරය, ඇදුම හෝ දියවැඩියාව වැනි දීර්ඝ කාලින රෝග තත්වයක් සදහා ප්රතිකාර ලබා ගන්නේ නම් ඔබේ පවුලේ වෛද්යවරයා මුණ ගැසීම අනිවාර්ය වේ. එසේම සාපල්යතාවය අඩු කිරීමේ අවදානම ඉවත් කිරීමට සහ ගර්භනී සමයේ ඇති විය හැකි අවදානම් තත්වය අඩු කිරීමට ඔබේ වෛද්යවරයා විසින් ඔබ ලබා ගන්න ඖෂධ වර්ග වල වෙනස්කම් සිදු කරනු ඇත. ඔබ කිසියම් රෝගී තත්වයකින් පිද විදින්නේ නම් ගැබ් ගැනීමට පෙර හැකිතාක් පලදායී ලෙස පාලනය කිරීම වඩාත් සුදුසු වේ.

ගැබ් ගැනීමට පෙර වෛද්ය පරීක්ෂණයක් සිදු කර ගන්න.

ඔබේ වෛද්යවරයා ඔබෙන් විමසන කරුණු:
  • ඔබේ සෞඛ්ය සහ ජිවන රටාව
  • ඔබේ ආහාර පුරුදු
  • ඔබේ ආර්තව චක්රය පිළිබද ගැටළු
  • ඔබේ ව්යායාම රටාව
  • ඔබේ රැකියාවේදී භාවිතා කරන උපද්රව සහිත ද්රව්ය
ඔබ අතීතයේදී විෂාදය තත්වයෙන් පිද වින්දේද? ඒ සදහා ඔබ ලබා ගත් ප්රතිකාර, ඔබේ බර දර්ශකයේ බරට වැඩ කෙතරම් වැඩිද?  එසේ නම් එය අඩු කර ගන්නේ කෙසේද, ඔබේ බර අඩුනම් එය වැඩි කර ගන්නේ කෙසේද? ආදිය සාකච්ඡා කර එයට නිසි පිළියම් වෛද්ය වරයා විසින් දක්වනු ඇත. ඔබේ බර අඩු වීම අක්රමවත් ආර්තව චක්රයක් ඇති වීමට හේතු වේ. මේ සදහාද ඔබට උපදෙස් වෛද්යවරයා විසින් ඔබට ලබා දෙනු ඇත.

එසේම ඔබේ සෞඛ්ය තත්වය පිළිබදවද වෛද්යවරයා තොරතුරු විමසනු ඇත. පහත දැක්වෙන රෝග සම්බන්ධ ඔබේ පවුල් පසුබිමක් තිබේද යන වගත් එවැනි තත්වයන් වැඩි කරන අධි අවදානම් තත්වයට ඔබ අයත් වේද යන්නත් සොයා බලනු ඇත. එවැනි රෝග වනුයේ:
  • ඇදුම 
  • දියවැඩියාව
  • අධි රුධිර පීඩනය
ඔබගේ පවුලේ ජාන තත්වය පිළිබද දන ගැනීමට අවශ්ය වන තොරතුරු, ඔබේ පවුලේ ඩවුන්ස් සහ ලක්ෂණය සහිත දරුවකු සිටියේද යන්න, sickle cell disease, thalassaemia or cystic fibrosis සහිත ඉතිහාසය පිළිබද ඔබේ වෛද්යවරයා දැනුවත් කරන්න.

ඇතැම් උපත් පාලන ක්රම දිගු කාලින භාවිතයෙන් පසු අතුරු අබාධ ඇති විය හැකි අතර නැවත ගැබ් ගැනීමට දීර්ඝ කාලයක් ගත වේ. නමුත් උපත් පාලන එන්නත ලබා ගැන වසරකින් පසු නැවත ගැබ් ගැනීමක් සිදු විය හැක. එම නිසා ඔබ දිගු කාලීනව උපත් පාලන භාවිතා කරන්නේ නම් ගැබ් ගැනීම සැලසුම් කරන විට වෛද්ය වරයකුගෙන් උපත් පාලන ක්රම පිලිබඳ උපදෙස් ලබා ගන්න.

එසේම වෛද්යවරයා විසින් ඔබේ ගබ්සා වීම සහ ඒ පිළිබද විස්තර විමසනු ඇත. එය කෙතරම් හැගීම්බර අපහසු කාරයක් වුවද සියළු විස්තර වෛද්යවරයා වෙත ලබා දිය යුතු වේ.

රුධිර පරීක්ෂණ

සමහර  රුධිර පරීක්ෂණ මගින් ඔබට ගර්භනී සමයේ ඇති විය හැකි අවදානම් තත්වයන් පිළිබද පැහැදිලිව දක්වයි. මේවා ලිංගික සම්ප්රේෂිත රෝග හෝ ජානමය ආබාධ විය හැක.

ඔබේ ශරීරයේ රුධිරයේ යම් සංඝටකයක් මදි බව වෛද්යවරයා විසින් හදුනා ගනු ලැබුවහොත් ඒ සඳහා වෛද්ය උපදෙස් මත අතිරේක බෙහෙත් කරල් හෝ සිරප් හෝ ආහාර රටාවේ වෙනස් කම් වෛද්ය වරයා නිර්දේශ කරනු ඇත. ඔබේ අතීත වෛද්ය වාර්තා මත ඔබව රුධිර පරික්ෂාවකට මෙන්ම ජාන පරික්ෂාවකට ලක් කරනු ඇත. ඔබ රුබෙල්ලා එන්නත ලබා ගැනීම පිළිබද විශ්වාසයකින් තොර නම් ඒ පිලිබදව රුධිර පරිකෂවකින් තහවුරු කර ගත හැක. 
ඔබට අවශ්ය නම් ලිංගිකව සම්ප්රේෂිත ආසාදන සදහා ඔබේ වෛද්යවරයා ලවා පහත සදහන් පරීක්ෂණ සිදු කර ගත හැක.
  • hepatitis B
  • chlamydia
  • syphilis
  • HIV

පෝෂණය

ගැබ් ගැනීමට පෙර සති තුල ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම වැදගත් වේ. ගැබ් ගැනීමෙන් පළමු සති කිහිපය තුල නුපන් දරුවාගේ මොලය සහ ස්නායු පද්ධතියේ වර්ධනය සිදු වේ. එයට ෆෝලික් අම්ලය බොහෝ උපකාරී වේ. ඔබ පහත අවදානම් තත්වයකින් පෙළෙන්නේ නම් වෛද්ය උපදෙස් මත විශේෂ මාත්රාවක් ලබා ගැනීම සුදුසු වේ.
  • ස්නායුක නළ දෝෂ සහිත පවුලේ ඉතිහාසය
  • දියවැඩියාව
  • coeliac disease
  • අපසමාරය සදහා ප්රතිකාර ලබා ගැනීම.
  • බර දර්ශකය ඉහල අගයක් ගැනීම

ඔබ ගැබ් ගත් විට විටමින් D ලබා ගැනීමට ඔබට නිර්දේශ කරනු ඇත.

සාමාන්ය කරුණු


ඔබේ මනස සහ ශරීරය ක්රියාකාරීව තබා ගැනීමට අමතක නොකරන්න. ආතතිය පාලනය කර ජීවිතය දෙස ධනාත්මකව බැලීම පුරුදු වන්න. එය ඔබට ගර්භනී සමයේ සිදුවන මානසික හා ශාරීරික වෙනස් වීම් දර ගැනීමට මනා රුකුලක් වනු ඇත.
.....

This was the sinhala adaptation of "Is your body ready for a baby?"
මෙම ලිපිය පල කරන ලද්දේ "Is your body ready for a baby?" ලිපියේ සිංහල අනුවාදය ලෙසය.
.......
If you found this article interesting and helpful, please share with your friends too. Just click the "recommend" button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!

මෙම ලිපිය ඔබට ප්රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "recommend" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!