Get Adobe Flash player

ගැබ් ගැනීමකට ඔබ 100% සුදානම් ද?

උතුම් වූ මාතෘ පදවිය ලබා ගැනීමට තරුණියක් වශයෙන් ඔබේ සිහිනයක් නේද? එම භාරදූර වගකීම දැරීම සදහා 100%ක් ඔබ සුදානම්ද යන්න සිතා බැලීම ඉතා වැදගත් වේ. ඔබ මෙන්ම ඔබේ පවුලේ සියලු දෙනාගේම සුදානම ඔබට ගර්භණි කාලයේදී පහසුවක් වනු ඇත. කෙදිනක හෝ ඔබත් මාතෘ පදවිය බලාපොරොත්තුවකින් පසුවන්නේ නම් පහත ලිපිය ඔබට ප්රයෝජනවත් වනු ඇත.

පහත දැක්වෙන ඉතා වැදගත් කරුණු කිහිපය ගැන ඔබ සිතා බැලුවාදැයි බලන්න.

* වයස සහ සෞඛ්ය තත්වය

ගර්භනී සමයේ ඇතිවන සංකූලථාවල අවදානම අඩු කර ගැනීම සදහා වයස 19ත් 35ත් අතර ගැබ් ගැනීම සුදුසු වේ. අවු.19 ට පෙරත් අවු.35 ට පසුත් අවධානම් වයස් සිමාව ලෙස හදුන්වනු ලබයි. එයට හේතුව වයස 19ට පෙර කාන්තාව ප්රමාණවත් ලෙස පරිනත නොවන අතර 35 ට පසු ශක්තිමත් බව අඩු වීමයි.

කෙසේ වෙතත් ඔබ මෙම වයස් සිමාව තුල පසු වුවත් ඔබ නිරෝගිව සිටීමට උත්සහ ගත යුතු වේ. ඔබ කිසියම් ආසාදනයකින් පෙළෙන්නේ නම් මත්ද්රව්ය, දුම්වැටි, මත්කුඩු භාවිතා කරන්නේ නම් හෝ දිගු කලක් තිස්සේ උපත් පාලන පෙති භාවිතා කරන්නේ නම් ඔබේ පවුලේ වෛද්යවරයා මුණ ගැසී උපදෙස් ලබා ගැනීම සුදුසු වේ.

*ආර්ථික තත්වය

වර්තමාන ආර්ථික තත්වය තුල දරුවෙකු හදා වඩා ගැනීම ඉතා අධික වියදමක් දැරීමට සිදු වේ. ඔබ මේ සියලු මුල්යමය අභියෝග සදහා සුදානම්ද යන පැනයට ඔබම පිළිතුරු සැපයිය යුතු වේ. කෙසේ වෙතත් මුල්යමය ගැටළු වලට ඔබේ උතුම් මව් පදවිය සදහා බාධාවක් වීමට ඉඩ නොදෙන්න. මිල වැඩි ළමා සුරැකුම් මධ්යස්ථාන වෙනුවට ඔබට ඔබේ පවුඑ මෙන්ම මිතුරු මිතුරියනේ සහයෝගය මේ සදහා පැතිය හැක. එසේම අවශ්ය සියලු දේ කලින් ලැයිස්තු ගත කොට සැලසුම් සහගත වීම මගින් අනවශ්ය වියදම් අඩු කර ගත හැක.

* ඔබේ රැකියාව

ඔබේ රැකියාව මව් පදවියට හෝ මව් පදවිය රැකියවට බාධාවක් නොවන ලෙස සැලසුම් කරන්න. ඔබට අලුත් ව්යාපෘති, දීර්ඝ සංචාර, මාරු වීම් හෝ උසස් වීම් වේදැයි කල් ඇතිව පරික්ෂ කර බලන්න. බොහෝ විට ඔබ එවැනි දීර්ඝ සංචාර හෝ ස්ථාන මාරු කල් ඇතිව වෙනස් කර ගැනීමට උත්සහ කරන්න. ළඟදීම උසස් වීමක් බලාපොරොත්තු වන්නේ නම් එම නව තනතුරේ අවම වශයෙන් මාස කිහිපයක් හෝ කටයුතු කිරීමෙන් පසු පමණක් ගර්භනී භාවය සැලසුම් කරන්න. ඊට අමතරව ඔබට ලැබෙන නිවාඩු වරප්රසාද මෙන්ම කම්කරු අයිතීන් හා නීති රීති පිළිබද සැලකිලිමත් වන්න.

* ඔබේ දරුවන් සහ පවුල

ඔබ සහ ඔබේ සැමියා අතර පැහැදිලි අවබෝධයක් සහ සම්බන්ධතාවයක් ගර්භනී කාලය තුල ගොඩ නගා ගැනීම සහ තවත් දරුවෙකු එකතුවීම පිළිබද අදහස් හුවමාරු වීම වැදගත් වේ. එසේම ඔබ දැනටමත් මවක් නම් ඔබේ දරුවන් නව සාමාජිකයෙකු සදහා දක්වන ආකල්පය පිළිබද අවබෝධයක් ලබා ගත යුතු වේ.

*මානසික සහ ශාරීරික සුදානම් වීම.

ඔබ මානසිකව මෙන්ම ශාරීරිකව ගැබ් ගැනීම සදහා සුදානම් විය යුතු වේ. ඔබ අවපීඩන තත්වයකින් පසුවන්නේ දැයි පරික්ෂාකර ගැනීම වැදගත්වේ. විශේෂයෙන් ඔබේ පවුල එවන් ඉතිහාසයකට උරුම කියන්නේ නම් ඒ පිළිබද පරික්ෂ කර ගැනීම ඉතා වැදගත් වේ. ඔබ මීට පෙර විනෝද වුනු දේ පිළිබද දැන් ඔබේ අවධානය අඩු වී ඇත්නම්, රුචියේ වෙනස් කමක් සිදු වේ ඇත්නම්, නින්දේ වෙනසක් සිදු වී ඇත්නම් සහ ශක්තිය මද බවක් හැගී යන්නේනම් වෛද්යවරයෙකු මුණ ගැසීම වැදගත් වේ.

අවපීඩනය සදහා සුදුසුම ක්රම දෙක වන්නේ cognitive-behavioural therapy (CBT)  සහ භාවනාවයි. බොහෝ දෙමව්පියන් මෙම දෙකෙහිම සුසංයෝගයක් ලබා ගනී. ශ්රී ලාංකිකයන් ලෙස අපි භාවනාව මගින් අපේ සිත නිශ්චලකරනවා මෙන්ම තීරණ ගැනීමට උපකාරී වන බව විශ්වාස කරන්නෙමු. තවද, ඔබට යෝගා, භාවනා වැනි ආතතිය පාලනය ක්රම භාවිතා කල හැක.
...................

If you found this article interesting and helpful, please share with your friends too. Just click the "recommend" button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!

මෙම ලිපිය ඔබට ප්රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "recommend" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

....................
This was a Sinhala Adaptation of "How To Plan Whether To Get Pregnant Or Not"
මෙම ලිපිය "How To Plan Whether To Get Pregnant Or Not" ලිපියේ සිංහල අනුවාදයකි.