Get Adobe Flash player

ගර්භණී සමයේ සුව නින්දක්...

ගර්භණි සමයේ සිදුවන හෝමෝනමය බලපෑම සහ ශාරීරික අපහසුතාවය ඔබේ නින්දට බලපෑම් ඇති කරවන්නට පුළුවන්. ගර්භණි සමය පුරාවටම මව්වරු තමන්ටම ආවේණික වූ විවිධ අභියෝග වලට මුහුණ දෙති. ගර්භණි සමයේ ඔබට මුහුණ පෑමට සිදු විය හැකි දේවල් කිහිපයක් අපි අද සලකා බලමු.
ගර්භණි සමය මාස තුනේ කාල සිමා ලෙස පියවර තුනකට බෙදා දක්වා ඇති අතර එම ත්‍රයි මාසික කාල සිමාව තුල ගර්භණි මව්වරු පහත පරිදි විවිධ අභියෝග වලට මුහුණ දේ. මෙම අභියෝග මවගෙන් මවකට වෙනස් ආකාරයකට බලපෑ හැක.

* ගර්භණි සමයේ පළමු මාස තුන

මෙම මස තුන තුල ඔබේ ශරීරයේ සිදුවන හෝමෝනමය බලපෑම, ශාරීරික අපහසුතාව මෙන්ම මානසික ආතතිමය තත්වයන් නිසා ඔබේ ශරීරයෙන් පිටවන මුත්‍රා ප්‍රමාණයේ වැඩි වීමක් දැක ගත හැකිවේ. මේ නිසා රාත්‍රිය පුරාවටම වැඩි වාර ගණනක් මුත්‍රා කිරීමට සිදු වීම ඔබේ සුව පහසු නින්දට බාධාවක් වේ. එමෙන්ම දහවල් දවස පුරාවට ඔබට දැනෙන විඩාබර බව නිසා ඔබ දහවල් නින්දක් ලබා ගනීවි. එසේ වැඩි වශයෙන් දහවල් කාලය තුල ලැබෙන නින්ද ඔබේ රාත්‍රී නින්දට බාධාවක් වේ. දවල් කාලයේ වැඩිපුර දියර වර්ග පානය කර රාත්‍රියට මඳක් එය අඩු කරන්න. තවද, රාත්‍රී කාලයේදී තේ, කෝපි ආදිය පානයෙන් වලකින්න. මුත්‍රා කිරීමේදී ඉදිරියට බරව මුත්‍රාශය හිස් වනතුරු මුත්‍රා පිටවන බවට වගබලා ගන්න.

* ගර්භණි සමයේ දෙවන මාස තුන

මෙම මස තුන තුල, පළමු මාස තුනට වඩා නින්දෙහි වර්ධනයක් බොහෝ මව්වරු තුල දැක ගත හැක. භ්‍රෑණය වර්ධනය නිසා මුත්‍රාශය මත යෙදෙන පීඩනය අඩුවීම මගින් රාත්‍රියට පිටවන මුත්‍රා ප්‍රමාණය අඩු වීම මෙයට හේතුවයි. නමුත් තවමත් වර්ධනය වන කළලය සහ මානසික ආතතිය නිසා ඔබට සුවපහසු නින්දක් වෙත ලගා නොවිය හැක. සිත සන්සුන් කර ගැනීමට උත්සාහ කරන්න. ධනාත්මක චින්තන ක්‍රමයක් මගින් සිතෙහි නිතරම ධනාත්මක රූප මවා ගන්න. එවිට නින්දට පෙර සිතෙහි බිය සංකා නිසා නින්දා හානි වීම නවතීවි. දවල් කාලයේදී එහා මෙහා ඇවිදීම වැනි සුළු ව්‍යායාම අමතක කරන්න එපා. ඒ සමගම නින්දට පෙර උණුසුම් කිරි වීදුරුවක් පානය කිරීම සමහර අයට සුව නින්දකට උදවු වන බව කියවේ. ඔබටත් එසේ වෙයි දැයි අත්හදා බලන්න.

* ගර්භණි සමයේ තෙවන මාස තුන

සංකීර්ණ හෝමෝන වෙනස් වීම, රාත්‍රී මුත්‍රා පිටවීම්, කෙණ්ඩා පෙරළීම්, පුර්ව ප්‍රසව සංකාව වැනි අපහසුදායක තත්වයන් මෙම සමය තුල ඔබේ නින්දට බාධා පමුණුවයි. ඔබ බොහෝ විට රාත්‍රී කාලයේ දෑස වසාගෙන ප්‍රසුති අවස්ථාව පිළිබද මෙන්ම ඔබ දරුවා පිළිබද කල්පනා කරනවා වන්නට පුළුවන්. ඉහත කී පරිදි දිගින් දිගටම ධනාත්මකව සිතමින් මනස සැහැල්ලු කරගන්න උත්සහ කරන්න. මේ හේතුව නිසා ඔබේ රාත්‍රී මුත්‍රා වාර ගණන වැඩි වීම රාත්‍රිය පුරාවටම ඔබව අපහසුතාවයට පත් කරයි. ගර්භණි සමය පුරාවටම ඔබට සුවපහසු නින්දක් නොලැබීම පුදුමයට කරුණක් නොවේ.

* සුව පහසු නින්දකට

ගර්භණි සමය තුල සුවපහසු නින්දක් ලබා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවුනද, මෙම සමය තුල සිදුවන විවිධ වෙනස් වීම් නිසා ඔබ ශරීරයට විවේකය අත්‍යවශ්‍ය වේ.

වැඩිපුර කොට්ට භාවිතය: ඔබේ කකුල් දෙක අතර මෙන්ම කොන්ද පිටුපස කොට්ටයක් තැබීම මගින් ඔබ පැත්තට හැරී නිදා ගැනීම පහසු කරවයි. මේ සදහම විශේෂිත වූ කොට්ට මෙන්ම පූර්ණ ශරීර දිගින් යුතු කොට්ට උදරයට මෙන්ම පිටුපස කොන්ද පෙදෙසටද සුවපහසුව සලසයි.
පෝෂණය: නින්දට පෙර උණුසුම් කිරි වීදුරුවක් පානය කිරීම ඔබට සුව නින්දකට උපකාරී වේ. කාබෝහයිඩ්රේට නිසි ප්‍රමාණයට ලබා දෙන ආහාර ලබා ගැනීමද නින්දට උපකාරය වේ. එමෙන්ම අධික ප්‍රෝටීන සහිත කෙටි ආහාර රුධිර ගත සීනි ප්‍රමාණය වැඩි කර නරක සිහින, හිසරදය මෙන්ම රස්නය පිට කිරීම අඩු කරලයි.

ව්‍යායාම සහ සුව පහසු ක්‍රම: ව්‍යායාම මගින් ඔබේ ශරීරයට මෙන්ම මනසටද සුවපසු බවක් ගෙන දේ. ඇදීම් ,යෝගා, සම්භාහන සහ ගැබුරු ආශ්වාස කිරීම් මෙන්ම ඔබේ ශාරීරික මෙන්ම මානසික සුවපසුතාවය වැඩි කරවයි. මෙම ව්‍යායාම කිරීමට පෙර සුදුසුකම් ලත් උපදේශකයන්ගේ උපදෙස් පිළිපැදීම ඉතා වැදගත්!

විවිධ බෙහෙත් වට්ටෝරු සහ ඖෂධ භාවිතය: ඖෂධ භාවිතයේදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අමතක නොකරන්න. විවිධ ඖෂධ වර්ග ඔබේ දරුවාට හානි කල හැක. කෙසේ වෙතත් සමහර ඖෂධ ගර්භනී සමය තුල ආරක්ෂාකාරී ඖෂධ ලෙස හදුනා ගෙන තිබේ. එවැනි ආරක්ෂාකාරී ඖෂධයක් මගින් ඔබට නින්ද ලබා ගත හැකි අතර එසේ ඉහත උපදෙස් ඔබට යම්තාක් දුරකට සුවපහසු නින්දකට මග පාදයි. නිසි නින්දක් නොලැබීම ඔබට මෙන්ම ඔබේ දරුවාටද බලපෑමක් ඇති කරවිය හැකි නිසා ඉතා අපහසු අවස්ථාවකදී වැඩි දුර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසු වේ.

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "recommend" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!
If you found this article interesting and helpful, please share with your friends too. Just click the "recommend" button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!