Get Adobe Flash player

මානසික ආතතිය ඔබේ දරු පල අඩු කරයිද?

මානසික ආතතිය යනු අද සමාජයේ බහුලව කතා වෙන මාතෘකාවක්. ඒ වගේම මානසික ආතතිය නිසා විවිධ ලෙඩ රෝග වලට ගොදුරුවන අය ගැනත් අප අසන්නට ලැබෙනවා. ඔබ දන්නවාද ඔබේ විවාහ ජීවිතයටත්, දරු පල ලැබීමටත් මෙම මානසික ආතතිය බලපෑම් ඇති කල හැකි බව?

ඔබ ගර්භාණී භාවය අනාගතයේදී අපේක්ෂා කරන තරුණියක් හෝ දැනටමත් ඒ සඳහා උත්සාහ කරන කාන්තාවක් නම්, එය මනසට බරක් කර ගන්නේ නැතිව කල යුතුයි. සමහර තරුණියන් ඉතා අඩු ලිංගික එක්වීම් වාර ගණනක් ඇතුලත ගැබ් ගැනීමක් බලාපොරොත්තු වේ. එය නොවූ විට මානසිකව අද වැටෙයි. මෙය සිදු නොවිය යුතුය. මන්දයත් සමහර අය ඉතා ස්වල්ප වාර ගණනකදී පිළිසිඳ ගන්න අතර, අනෙකුත් අයට මාස ගණනක් වුවත් ගත විය හැක.

මෙහි අනෙක් පැතිකඩ වන්නේ ඔබ රැකියාව, පවුල් ප්රශ්න ආදිය නිසා මානසික ආතතියට ලක් වී තිබීම ඔබේ සෞක්ය තත්වය අයහපත් කිරීමත්, ප්සතුටුදායක ලිංගික එක්වීමකට එය බාධාවක් වීමත්ය.

* මානසික ආතතිය සහ සරු භාවය

මානසික ආතතිය අධික වූ විට ඔබේ සිරුරේ හෝමෝන නිෂ්පාදනය වෙනස් වේ. සමහර හෝමෝන පමණට වඩා ශ්රාවය වී ඇතැම් අචාෂ්ය හෝමෝන නිසි ලෙස ශ්රාවය නොවීමද සිදුවිය හැක. එවිට ඔබේ ඩිම්බ කෝෂ මගින් ඉහල තත්වය ඩිම්බ මුදා හැරීම අඩු වීමට ඉඩ ඇත. ඒ සමගම එම ඩිම්බ මුදා හරින දිනය ඔබ (මාසික ආර්තවය පදනම් කරගෙන) ගණනය කල දිනය හා සමපාත් නොවිය හැක. ඔබ මතක තබාගත් යුතුය නිසි ගැබ් ගැනීමක් සඳහා ශුක්රාණුවක් නිසි ලෙස නිසි අවස්ථාවේ හමු විය යුතු බව. එනිසා ඔබේ හෝමෝන ක්රියාකාරිත්වය නිසා ඩිම්බ මුදා හරින දිනය වෙනස් වීමෙන් ඔබ සැලසුම් ලක ආකාරයට ගැබ් ගැනීමක් සිදු නොවිය හැක.

මෙයට පිළියම වන්නේ ඔබ ගැබ් ගැනීමක් සැලසුම් කරන කාලෙදී රාජකාරි ස්ථානයේ, නිවසේ ඇති මානසික ආතතිය වැඩි කරන දේ පාලනය කර ගැනීමයි. උදාහරණයක් ලෙස ඔබට ඉතා වැදගත් සහ ගැටළු සහිත වැඩක් රාජකාරී ස්ථානයේ පැවරී ඇති විට මානසික ආතතිය වැඩි වන බව දැනගෙන එය අඩු කරගැනීමට පෙර සිටම ක්රියා කරන්න.

එයට අමතරව කායික සහ මානසික ක්රියාකාරකම් වල යෙදීම අත්යවශය වේ.

* මානසික ආතතිය නිසා ඇතිවන කායික වෙනස්කම් හඳුනාගන්න

මානසික ආතතිය නිසා බොහෝ කායික වෙනස්කම් සිදුවිය හැකි උනත් අපගේ ලිපියට ඉතා වැදගත් වන්නේ එමගින් ගැබ්ගෙල ඇති ස්රාවයේ (cervical mucus) වෙනස්කම් වේ. සාමාන්යයෙන් ඩිම්බ මුදාහරින කාලයේදී මෙය මනා තෙතමනය පෙන්වන නමුත් ඔබේ ඩිම්බ මුදාහැරීම නිසි ලෙස සිදු නොවන විට Cervical Mucus හි වෙනස්කම් දැකිය හැක.

* මානසික ආතතිය අඩු කර ගන්නේ කෙසේද?

මෙය පාලනය මඟින් ඔබේ දරුපල ලබාගනීමට අවශ්ය සරු භාවය වැඩි කර ඇත හැක. එයට අමතරව ඔබ බලාපොරොත්තු වූ කාලය තුල පිළිසිඳ ගැනීම සිදු නොවීම නිසා එන මානසික ආතතිය නැති කර ගැනීමත් වැදගත්. එය කල හැක්කේ එකිනෙකාගේ පිළිසිඳ ගැනීමේ කාලය වෙනස් වන බව නිසි ලෙස දැනුවත්වත් වීමයි.

ශාරීරික ව්යායාම කිරීම අතිශයින්ම වැදගත් වේ. ඒ සමග මානසික ව්යායාමයක් හෝ අවම වශයෙන් ධනාත්මක සිතුවිලි වර්ධනය වන දෙයක් කල යුතුය. මනසේ ඇති ගැටළු, අසහන කාරී මාතෘකා ආදිය ඔබෙන් ඈත් කරන්න. මෙය කිරීමට යෝග භාවනාව ඉතා ප්රයෝජනවත් වෙයි.

* ඔබට කල හැකි දේ

මූලික වශයෙන් ඔබේ එදිනෙදා ජීවන රටාවත් මානසික ගැටලුත් පාලනය කරගත් විට ඔබට දරු පිළිසිඳ ගැනීමේ සම්භාවිතාව වැඩි කර ගැනීමට අවස්තාව සැලසේ. අනිවාර්යෙන්ම යෝග ව්යායාම, භාවනා ක්රම හෝ අවම වශෙයෙන් හුස්ම ඉහල පහල ගැනීමේ ක්රියාකාරකම් පිළිපදින්න. නිසි ලෙස නිදා ගැනීම අත්යවශ්යයි. විශේෂයෙන් රාත්රියේ නිදි මැරීම යහපත් නොවේ. ශරීරයේ ඇති මාංශ පේශි තත්පර ගණනක් තද කර, නැවත තත්පර ගණනක් ලිහිල් කරන ව්යායාමයක් ඇත. එය සොයාදැනගෙන පිළිපදින්න. ඔබත් ඔබේ සහකරුත් තෘප්තියට පත්වන සේ ලිංගික හැසිරීම්වල යෙදෙන්න. එය දරුවන් සැදීමට කරන තවත් එක්තරා එදිනෙදා ක්රියාවක් ලෙස නොදැක එමගින් ලැබෙන මානසික සුවය, කායික තෘප්තිය ආදිය පදනම් කරගෙන එහි යෙදෙන්න. දරු පිළිසිඳ ගැනීම ස්වභාවිකවම සිදුවනු ඇත.
.................
If you found this article interesting and helpful, please share with your friends too. Just click the "recommend" button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!

මෙම ලිපිය ඔබට ප්රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "recommend" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!
Srineth.com