Get Adobe Flash player

ගර්භණී සමයේ මානසික අභියෝග

ඔබ ඔබෙ සහකරුට එකවර සැරපරුශ වනවාද? එකවර ඔහු කෙරෙහි ආකර්ශනය වනවාද? නැතහොත් එකවර හැඩීමට හෝ  සිනසීමට සිතෙනවාද? මෙය හෝමෝන වෙනස් වීම නිසා සිදුවන සාමානය තත්වයකි.නමුත් ඔබ එය හොදින් නිරීක්ශනය කල යුතු වේ.

විශේශයෙන් ඔබ කාන්සාව හෝ විශාදය තත්වයෙන් හෝ වෙනත් මනසික ගැටලු තත්වයකින් පෙලුනු කාන්තවක් නම් ගර්භණී සමයේ සිතේ වෙනස් වීම ඔබට බලපැ හැක.

මේ සදහා ප්රදානම හේතුව හෝමෝන වෙනස් වීම වන අතර බොහෝ ගර්භණී මව්වරුන් මේ නිසා අපහසුතාවයට පත් වී තිබේ.විශේශයෙන් පලමු මාස තුන තුල ඊස්ට්රජන් සහ ප්රොජෙස්ටරෝන් මට්ටමේ සිදුවන විශ්මය ජනක වෙනස් වීම මගින් මොලයී සිදුවන රසයනික වෙනස් වීම මෙයට හේතු වේ.

වෛද්යවරයා  හමුවිය යුත්තෙ කවදද?

 ඔබ කාන්සාව හෝ විශාදය තත්වයෙන් හෝ වෙනත් මනසික ගැටලු තත්වයකින් පෙලුනු කාන්තවක් නම් හෝ  පවුල් ඉතිහසයේ එවැනි රෝග තත්වයක් තිබේ නම් හෝ ඔබ උග්ර ලෙස මෙම තත්වය නිසා පීඩා විදින්නේ නම්  වෛද්යවරයෙකු හමු විය යුතු වේ.

මේ සදහා කළ යුත්තේ කුමක්ද?

ඔබේ සිතෙහි වෙනස් වීමට හේතුව කාන්සාව, විශාදය හෝ වෙනත් මනසික ගැටලු තත්වයක් නොවේ නම් වෙහෙස නිවාලීමට  අවශ්ය පියවර ගන්න. ඒ සදහා යෝග ක්රම,ව්යායාම මෙන්ම භාවනා ක්රම උපකාර විය හැක. එමෙන්ම සම්බල ආහාර වේලක්ද මේ සදහා උපකාර කර ගත හැකි වේ. මන්ද යත්, රුධිරයේ සීනි ප්රමානය ඉහළ යාම ද මෙයට බලපායි.

ඔබේ සැමියා මේ සදහා සහභාගී කරවා ගන්න. ඔහුගේ මෙන්ම පවුලේ අනෙකුත් සාමජිකයන්ගේ උපකාර මෙන්ම මිතුරු මිතුරියන් ආශ්රය මගින් මෙම තත්වය පාලනය කර ගත හැකි වේ.


අපි ඔබට සුව පහසු පූර්ව ප්රසව අත්දැකීමක් පතන අතර මෙම ලිපිය ප්රයෝජනවත් වූ බව සිතේ නම් ඔබේ අනෙකුත් මිතුරියන්ටත් පහත (recommend) ක්ලික් කිරීම මගින් බෙදා දෙන්න. ස්තුතියි