Get Adobe Flash player

අලුත උපන් දරුවා ලක් කලයුතු පරීක්ෂණ කිහිපයක්

අලුත් උපන් දරුවා ඔබට මෙලොව ඇති වටිනාම සම්පතයි. නමුත් ඔබේ නොදනුවත්බව නිසා දරුවා යම් රෝගයකින් පෙලුනොත්? ඔබ නොදැනම එය දරුණු තත්වයකට පත් වුවහොත්? ඉතින් දරුවා උපන් විගස නිසි ලෙස පරීක්ෂණ වලට ලක් කිරීම හොඳයි නේද? මෙම රෝග තත්වයන් බෝවන රෝග, බෝ නොවන රෝග වගේම උපතින්ම ගෙන එන කායික සංකූලථා ආදියත් සොයා ගැනීමට උදවු වේවි...

අලුත උපන් දරුවන්ට සිදු කරන වෛද්‍ය පරීක්ෂාව

බොහෝවිට දරුවන් උපදින විට ඔවුන් හොඳ සුවතාවයෙන් සිටින බව පෙනුනත් ඔවුන්ට පවතින අපහසුතා සහ අසනීප ඔබට බැලු බැල්මටම නොපෙනිය හැකියි. විශේෂයෙන් මතක තබා ගන්න ඔවුන්ට කතා කර කීමට නොහැකියි තමන්ට දැනෙන අපහසුතා... එනිසා ඔබට වගකීමක් තියෙනවා ඒ පිළිබඳ ඉතා විමසිල්ලෙන් බලා කටයුතු කිරීමට. බොහොමයක් පරීක්ෂණ රුධිර පරීක්ෂාවක් ඇසුරෙන් සිදුකරන අතර එයට අමතරව ඇස් පෙනීම, කන් ඇසීම, හදවත් රෝග පිලිබඳ පරීක්ෂා ආදියත් කරගත හැකියි...

ඔබේ දරුවා පරීක්ෂා කල යුත්තේ කවදාද?

බොහෝ විට ඔබේ දරුවා ඉපදුන රෝහලෙන්ම මෙය සිදු කරනු ඇත. ඇතැම් රෝග තත්ත්ව සහ සංකුලතා වල ලක්ෂණ තිබේ නම් උපන් වහාම පරීක්ෂාවට යොමු කරන අතර, අනෙකුත් පරීක්ෂණ පැය 24ක් පමණ ගත වන විට ආරම්භ කරනු ඇත. යම් කිසි රෝගයක් ඇති බවට පරීක්ෂණ වල පෙන්වයි නම් ඔබ නැවතත් දින කිහිපයකින් රෝහලට පැමිණ වැඩිදුර පරීක්ෂණ කිරීමට උපදෙස් දෙනු ඇත.

අලුත උපන් දරුවාට කල යුතු පරීක්ෂණ මොනවාද?

  • සාමාන්‍යයෙන් සිදුකරන පරීක්ෂණ මාලාව රටෙන් රටට සහ රෝහලෙන් රෝහලට තරමක් වෙනස් වනු ඇත. නමුත් ඉතාම වැදගත් පරීක්ෂණ පිළිබඳ අපි මෙහිදී අවදානය යොමු කරමු... මුලින්ම දරුවා කායික පරීක්ෂණයකට බඳුන් කරනු ඇත.
  • දරුවාගේ ඇස පෙනීම සම්බන්ධ ගැටළු: විශේෂයෙන්ම ඔබ සොයා බැලිය යුතුයි දරුවාට උපතින්ම ගෙන එන ඇසේ සුද තත්වය තිබේද යන්න. මන්ද යත් එවිට දරුවාගේ ඇස සාමාන්‍ය ලෙස වර්ධනය අදාළ වන නිසා මතු කාලයේදී අන්ධ භාවයට පත්විය හැකි නිසා. එයට අමතරව වෙනත් සංකුලතා තිබේද යන්නත් වෛද්‍යවරුන් සොයාබලනු ඇත.
  • හදවත සම්බන්ධ ගැටළු: ඉතා කුඩා මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා විවිධ හදවත් සංකුලතා අද කාලයේ බහුලයි. සමහරවිට සුදුසුකම් සහ අත්දැකීම් සහිත වෛද්‍යවරයකු යටතේ ශල්‍ය කර්මයක් පවා සිදුකල යුතු වෙයි.
  • අස්ථි: දරුවා උපන් වහාම නැගිට නොසිටියත් දරුවාගේ අස්ථි වල යම් අසාමාන්‍යතාවයක් තිබේනම් විශේෂයෙන්ම උකුල ආශ්‍රිතව, වෛද්‍යවරුන් එය ඉක්මනින් දන ගනීවි.
  • පිරිමි දරුවන්ගේ වෘෂණ: මෙය නිවැරදි ලෙස පිහිටා ඇති බවට පරීක්ෂා කල යුතු වෙනවා. යම් අසාමාන්‍ය පිහිටීම් නිසා මතු කාලයේ වඳ භාවයට පත්විය හැකියි!
  • කන් ඇසීම: දරුවාට සති 2ක් පමණ වයස වන විට මෙම පරීක්ෂාව කල හැකියි. එමගින් කුඩා උපාංගයක් කනට සවි කල හඬක් ඇසීමට සලස්වයි. කනෙහි පිටත සවි කරන තවත් සංවේදකයක් මගින් දරුවාගේ කන තුලට ශබ්දය යන්නේද යන්න බලන්ය් ඇත. තවත් පරීක්ශාවකදී දරුවා ශබ්දය ඇසීමෙන් පසු ගමන් කරන සංඥා ස්නායු තුලින් යන්නේද නැද්ද යන්න සොයා බලනු ඇත.
  • ලේ පරීක්ෂා: දරුවාට අවම වශයෙන් වේදනාවක් සිදුවන ලෙස කකුලෙන් ලේ ස්වල්පයක් ගෙන ක්‍රම මෙම පරීක්ෂා ඉතා වැදගත් වෙයි. Sickle Cell Disease, Cystic Fibrosis වැනි දරුණු රෝග සහ කලාතුරකින් ඇතිවන Phenylketonuria (PKU) වැනි මානසික සංකුලතා ඇති කරන රෝග, තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩු ක්‍රියාකාරිත්වය ආදී ගැටළු රැසක් මෙම ලේ පරීක්ෂාවෙන් හෙළිවේ.

මෙම පරීක්ෂා පමණක් ප්‍රමාණවත් ද?

අනිවාර්යෙන්ම ඔබ මෙයින් නැවතිය යුතු නැත. මන්ද යත් සමහර සංකුලතා හෙළි වීමට දින හෝ සති කිහිපයක් ගතවන බැවිනි. සති 6ත් 8ත් අතර කාලය වන විට නැවතත් පරීක්ෂණයකට දරුවා ගෙන යාම සුදුසුය. එහිදී නැවත වරක් දරුවාට පෙනෙන දෙයට අවධානය යොමු කරයිද, කන් ඇසීම පිළිබඳ සැකයක් වේද සහ පිරිමි දරුවන්ගේ වෘෂණ වල අසාමාන්‍ය පිහිටීමක් වේද, ගැහැණු දරුවන්ගේ යෝනි මාර්ගයේ පිහිටීමේ අසාමාන්‍යතා පවතීද යනාදිය පරීක්ෂා කරනු ඇත.

මෙම පරීක්ෂණ නිසි ලෙස කර ගැනීමෙන් ඔබේ දරුවා බොහොමයක් ලෙඩ රෝගවලට සහ සන්කුලතාවලට ගොදුරු වී පසු කාලීනව ඇතිවන අපහසුතා මග හරවා ගත හැක. පරීක්ෂණ කල පමණින්ම ඔබේ විමසිල්ල අඩු කරන්න එපා. මුල් අවධියේ දරුවා ගැන නිසි අවධානයෙන් හැම වෙලාවකම සිටින්න. ඔබටත් දරුවාටත් අපි සුභ පතමු...

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "recommend" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි! 
If you found this article interesting and helpful, please share with your friends too. Just click the "recommend" button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!
Srineth.com