Get Adobe Flash player

ගැබ් ගැනීමක් සිදුවී ඇති බවට ලකුණු

විවාහ වූ පසු දරුවකු ලැබීම ගැන සැලසුම් කල ඔබ ආසාවෙන් බලා සිටින්නේ දරු පිළිසිඳ ගැනීම සිදුවී ඇතිදැයි දැනගැනීමටයි. ඒ වගේම අනපේක්ෂිත සහ අනාරක්ෂිත හැසිරීමක් වූවිට එය පිළිසිඳ ගැනීමකට මුල් වී ඇත්දැයි යන්න ගැනත් ඔබ විමසිලිමත් වී සිටිය හැක. එනිසා ගැබ් ගැනීමක් සිදුවී ඇති බව දක්වන ලකුණු නිසිලෙස දැනගැනීම වැදගත්. අද අපි ඒ ගැන සොයා බලමු.

ගැබ් ගැනීමක් සිදුවී ඇති බවට නිසැක ලෙසම දැනගත හැකි ක්‍රමය වන්නේ වෛද්‍ය පරීක්ෂණයක් පමණි. නමුත් ඔබ නිවසේ සිටින අතර සමහර ලකුණු පෙනේ:

* අසාමාන්‍ය මහන්සිය

මහන්සි ගතිය විවිධ හේතු මත පහල වන බව නොරහසකි. එනිසා ඔබ සාමාන්‍යයෙන් මහන්සි වන දෙයක් නොකළ අවස්තාවකදී ඔබට මහන්සි ගතිය වැඩිපුර දැනේනම්, ඒ වගේම ඔබේ ශරීරයට අවශ්‍ය පෝෂණය නිසි ලෙස ලබෙද්දීත් මහන්සි ගතිය දැනෙයි නම්, විමසිලිමත් වන්න. එය ගැබ් ගැනීමක් දක්වන සලකුණක් විය හැක.

* නිසි දිනට ඔසප් නොවීම

ඔසප් වන දිනය සාමාන්‍ය දින පරාසය තුල නොවී, එය සිදුවන බවට ලකුණක් හෝ නොමැතිනම්, ඔබ ගැබ් ගැනීමක් ගැන සැක කිරීම සාධාරණය. නමුත් මතක තබා ගන්න සියලුම දෙනාට එකම ආර්තව චක්‍රයක් නොමැත. ඇතැම් අවස්ථාවල සාමාන්‍ය දිනට කලින් හෝ ඇතැම් විට මඳක් පමා වී එය සිදුවිය හැක. ඔබ අත්දැකීම අනුව ඉක්මන් වීම හෝ පමා වීම දැනගෙන සිටීනම් එය උදවු වේ. ඔබට අවශ්‍යනම් මෙයට වෙනම දින පතක් හෝ smart phone භාවිතා කරයි නම් app එකක් මගින් එය සටහන් කරගෙන සිට ඊළඟ ආර්තව දිනය අනුමාන කල හැක. ඇතැම් විට ඔබ උපත් පාලන පෙති ගැනීම නතර කල වහාම ඔසප් වීම නැවතීමක් විය හැක. එවිට වෛද්‍ය උපදෙස් පතන්න.

* පියොවුරු වල වෙනස් කම්

මෙය මුල් අවධියේ දැකිය හැකි ලක්ෂණයකි. හෝමෝන ක්‍රියාකාරිත්වය වැඩි වීම නිසා පියවුරු ඉදමුන බවක් හෝ, වේදනා කාරී බවක් හෝ දැනෙන අතර ඇතැම් විට එය තරමක් විශාල වී ඇති බවකුත්, තන පුඩුව අවට අඳුරු පාට වීමත් විය හැක.

* නිතර මුත්‍රා පිටවීම

ඔබ සාමාන්‍යයෙන් මුත්‍රා පිටවන වාර ගණන දන්නා නිසා මෙවැනි වනසක් දන ගැනීම පහසුය. ඔබට දියවැඩියා රෝගය වැළඳී ඇති විටද මෙය සිදුවිය හැක. එනිසා එවැනි අවධානමක් නැති විටත් අසාමාන්‍ය ලෙස මුත්‍රා පිටවන වාර ගණන වැඩිනම් සහ එම කාලයෙම ලිංගික එක්වීමක් වූවානම් ඔබට ගර්භනී පරීක්ෂාවක් කරන්න.

* මල බද්ධය

ගර්භණී භාවයත් සමග වන හෝමෝන ක්‍රියාකාරකම් නිසා සමහර විට මල බද්ධය ඇතිවේ. ඔබට මෙය ඇතිවූ විට මුලින්ම සාමාන්‍ය ප්‍රතිකර්ම (වතුර වැඩිපුර බීම, තන්තු අධික එළවලු සහ පලතුරු කෑම) කර බලන්න. එය සුව ගෙන දෙන්නේ නැතිනම් ගැබ් ගැනීමක් ගැන සක සිතිය හැක.

* උදෑසන අපහසුතා

මෙය ඉතාම ප්‍රසිද්ධ කරුණක් වුවත්, සමහර මවු වරුන්ට එය කිසිසේත් නොදැනෙන බවත්, සමහර මවුවරුන්ට මන්ද වශයෙන් දැනෙන බවත් අමතක නොකරන්න. මෙය තවත් ලක්ෂණ සමග මතු විය හැක. ඒ වගේම සමහර මවු වරුන්ට උදැසන පමණක් නොව දවසේ ඕනෑම වෙලාවක මෙම අපහසුතා දැනෙන්නට පුළුවන්.
* වෙනත් ලක්ෂණ
- ක්ලාන්ත ගතිය
- හිසරදය සහ පිට රිදීම
- මනසේ වෙනස්කම් (mood swings, ඇතැම්විට එක වරම සතුටු වී එක වරම දුක්වේම, තරහ ඒම ආදිය)

මෙහි දැක්වුණේ ඔබට එදිනෙදා ජීවිතයේදී වෛද්‍ය පරීක්ෂාවක් නැතිව දැක ගත හැකි ලක්ෂණ කිහිපයක් පමණි. මෙම ලක්ෂණ එකක් හෝ එකකට වඩා ඔබ ලිංගික එක් වීමකට සුළු කාලයක් ඇතුලත සිදුවේනම් නොපමාව වෛද්‍ය පරීක්ෂාවක් කරගන්න.

If you found this article interesting and helpful, please share with your friends too. Just click the "recommend" button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!
මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "recommend" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!
Srineth.com